අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අද උදෑසන සිට එහි කුළුණක් මත නැගී විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. 
පොලිස් විශේෂ කාර්ය බලකාය සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව බන්ධනාගාරයේ සිදුකරන සෝදිසි මෙහෙයුම්වලට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය කියා සිටියේ. 
එම විරෝධතාවට රැඳවියන් 100 දෙනෙකු පමණ එක්ව සිටින බව ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළා.



