Gossips

අඟුණකොලපැලැස්ස රෝහලේ විරෝධතාවක් (ඡායාරූප)

අඟුණකොලපැලැස්ස රෝහලේ වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩලය අද පෙරවරුවේ විරෝධතාවක නිරතවුනා.
ඒ අඟුණකොලපැලැස්ස මූලික රෝහලේ මෘත ශරීරාගාරයට පිවිසෙන මාර්ගයේ දොරටුව අවහිර වන ලෙසට ඉඩම් ලබාදී ගොඩනැගිලි ඉදි කිරීමට විරෝධය පළ කරමින්.
ඉඩම් ලබාගත් පුද්ගලයන් මේ වන විට ඉදි කිරීම් සිදුකර ඇති බැවින් රෝහලෙන් පිට කරන මෘත ශරීර ඥාතීන්ට ලබාදබීමේ දී ඔවුන් දැඩි අපහසුතාවන්ට ලක්වන බව විරෝධතාකරුවන් පෙන්වා දෙනවා.
කෙසේවෙතත් ඉඩම් ලබාගත් පුද්ගලයන් සඳහන් කර ඇත්තේ මහවැලි අධිකාරිය හරහා තමන්ට මෙම ඉඩම් ලබාදී ඇති අතර මෙම ස්ථානයෙන් කිසිදු මාර්ගයක් නොමැති බවට නිලධාරීන් තමන්ට ප්‍රකාශකර ඇති බවයි.
අප වාර්තාකරුවන් සඳහන් කළේ විරෝධතාව හේතුවෙන් අගුණකොලපැලැස්ස මූලික රෝහලේ බාහිර රෝගී අංශයේ කටයුතු මුලුමනින්ම අඩාල වී තිබු බවයි.
කෙසේවෙතත් අත්‍යවශ්‍ය සේවා සිදුවූ බව ඔවුන් සඳහන් කළා.
විරෝධතාවය පැවති ස්ථානයට අමාත්‍ය මහින්ද අමරවීර පැමිණ ගැටලුවට විසඳුමක් ලබාදෙන බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි විරෝධතාවය අවසන් කර ඇත්තේ.
අමාත්‍යවරයා ඉදි කිරීම් පවතින ස්ථානය නිරීක්ෂණය කිීමට යාමේ දී එහි දැඩි උණුසුම් තත්වයක් ද හටගත් බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.



ඡායාරූප – අම්බලන්තොට අජිත් පුෂ්පකුමාර / සූරියවැව නුවන් ජයසේකර