Gossips

අඟුණකොලපැලැස්සේ දැරියක් වස පානය කිරීමෙන් මියයයි

අඟුණකොලපැලැස්ස – කරගහවල ප්‍රදේශයේ 11 හැවිරිදි දැරියක් වස පානය කර ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඊයේ පස්වරුවේ මෙම දැරිය අගුණකොලපැලැස්ස දිසා රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇති බවයි පොලීසිය සදහන් කළේ.
මියගිය දැරිය වස පානය කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණ වී ඇති බව පොලීසිය වැඩිදුරටත් කියා සිටියා.
තංගල්ල මූලික රෝහලේ තැන්පත් කර ඇති ඇගේ සිරුර පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.