Gossips

අඟහරු මත ජලය සහිත විලක්

අඟහරු ග්‍රහයාගේ දකුණු අර්ධයේ ජලය සහිත විලක් සොයාගැනීමට පර්යේෂණ කණ්ඩායමක් සමත්වී තිබෙනවා.
ඉතාලි අභ්‍යවකාශ ආයතනයක් නියෝජනය කරන පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම ජලය සහිත විල සොයාගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මීට පෙරද අඟහරු ග්‍රහයා මත ගලා බසින දිය දහරා නිරීක්ෂණය කළ අතර, දකුණු අර්ධයේ අයිස් තට්ටුවට යටින් මෙම විල පිහිටා ඇති බවට විශ්වාස කෙරෙනවා.