අනිද්දා සිට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම, අද පස්වරුවේ උතුර පළාත හැර අනෙකුත් පළාත්වලට වැසි බලාපොරොත්තු වන බවයි එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර කියා සිටියේ.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති වනවා.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.
අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසට ද ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
