රතු ග්‍රහයා හෙවත් අඟහරු ලෝකයේ අභ්‍යන්තරය පිළිබඳ ගවේෂණ සිදුකිරීම සඳහා උඩු ගුවනට යැවූ මාස් – ඉන්සයිට් යානය හෙට දිනයේදී ග්‍රහලෝකය මතට පතිත වීමට සූදානම් බව ඇමරිකානු නාසා ආයතනය ප්‍රකාශ කළා.
අඟහරු මතුපිට දැඩි උෂ්ණත්වයට මුහුණදෙමින් අධික වේගයෙන් ඒ මත පතිතවීම අභියෝගයක් වුවත් එය නිවැරදි ආකාරයෙන් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
කියුරියෝ සිටි ගවේෂණ යානය තවදුරටත් අඟහරු පරීක්ෂාවට ලක් කරද්දී ඒ මත ගවේෂණ යානයක් පතිත කිරීම නාසා ආයතනය ලබන ජයග්‍රණයක් ලෙසයි සැළකෙන්නේ.
එමඟින් කඳුකර අඟහරු ග්‍රහයා නිර්මාණය වූ ආකාරය පරීක්ෂාවට ලක් කරන අතර, එය වෙනත් ග්‍රහ ලෝකයක අභ්‍යන්තරයට සවන්දෙන ප්‍රථම ගවේෂණ යානයද වනු ඇති.