Gossips

අඟහරුගේ රහස් සොයන්න අලූත් ගවේෂණ යානයක්

අඟහරු හෙවත් රතු ග්‍රහයාගේ අභ්‍යන්තර භූ ක්‍රියාකාරකම් පිළිබද සොයා බැලීම සඳහා ගවේෂණ යානයක් යැවීමට ඇමරිකානු නාසා ආයතනය පියවර ගෙන තිබෙනවා.
ඉන් – සයිට් ලෙස නම් කර ඇති මෙම ගවේෂණ යානය ඇට්ලස් රොකට්ටුවක් මගින් කැලිෆෝනියාවේ වැන්ඩන්බර්ග් ගුවන් හමුදා කදවුරෙන් අද (05) පස්වරුවේ නික්මුණා.
අඟහරු ගවේෂණයට මෙතෙක් යවනු ලැබූ යානා මගින් එහි මතුපිට තොරතුරු රැස් කළ ද, එහි සිදුවන කම්පන ඇතුළු අභ්‍යන්තර ක්‍රියාකාරකම් සැලකිල්ලට ගැනුණේ නැහැ.
මෙවර ගවේෂණ යානය මගින් අඟහරුගේ කම්පන ග්‍රහණය කළ හැකි උපකරණයක් ද යවා ඇති අතර, එය මාස 6 ක් වැනි කාලයක් තුළ අගහරු වෙත ළගා වනු ඇති.
එය රික්ටර් පරිමාණයේ 3ට අඩු ප්‍රබලතාවකින් යුත් කම්පන පවා ග්‍රහණය කර ගැනීමට සමත් වීම විශේෂත්වයක්.