Gossips

අගුණකොළපැලැස්සේ අනතුරකින් දෙදෙනෙකු මරුට (ඡායාරූප)

අගුණකොළපැලැස්ස – වැටිය පාරේ බිංකම මංසන්ධිය ආසන්නයේ අද පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ට්‍රක් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් මිය ගොස් ඇත්තේ යතුරුපැදියේ ගමන් කළ 15 සහ 24 හැවිරිදි තරුණයන් දෙදෙනෙක්.
අනතුර සම්බන්ධයෙන් ට්‍රක් රථයේ රියදුරු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.