Gossips

අගුණකොලපැලැස්ස බන්ධනාගාර රැඳවියන්ට පහරදීම පිළිබඳ සොයා බැලීමට විශේෂ පරීක්ෂණයක්

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට පහරදීමක් සිදුව ඇතැයි පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙසට අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ලබන සඳුදාට පෙර වාර්තාවක් ලබාදෙන ලෙසටයි අමාත්‍යවරිය බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට උපදෙස් ලබාදී ඇත්තේ.
පසුගිය වසරේ නොවැම්බර් 22 වනදා මෙම පහරදීම සිදුවී ඇතැයි පැවසෙන අතර මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ සඳහා අමාත්‍ය තලතා අතුකෝරලගේ උපදෙස් පරිදි බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.
අදාළ කමිටු වාර්තාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ආරම්භ කරන බවයි අධිකරණ අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
මේ අතර අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට පහරදුන් බව දැක්වෙන වීඩියෝවක් ද මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරනවා.