Gossips

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ 73 වන ඡන්ම දිනය අද

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ 73 වන ඡන්ම දිනය අදට යෙදී තිබෙනවා.
කොළඹ 07 – විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසේ අද (18) පෙරවරුවේ ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණා.
ඊට ඔහුගේ පවුලේ සියලුම සාමාජිකයින් එක්ව සිටි අතර, ඊයේ රාත්‍රීයේ කොළඹ 07 – ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ පැවති වාර්ෂික පිරිත් සජ්ක්‍ඡායනයකට ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ පිරිසක් සහභාගි වී තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයාගේ ඡන්ම දිනය නිමිත්තෙන් අද පෙරවරුවේ නාරාහේන්පිට – අභයාරාම විහාරස්ථානයේ කිරි අම්මාවරුන්ගේ දානමය පිංකමක් පැවති අතර ඊට මැතිඇමතිවරුන් රැසක්ද සහභාගි වී සිටියා.