Gossips

අග්නිදිග සරසවියේ දෙමව්පියන් පිරිසක් සිර කෙරේ

අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ සිසුන්ගේ ගැටලූ පිළිබඳව උපකුලපතිවරයා සමඟ ඊයේ සවස සාකච්ඡාවකට පැමිණි දෙමාපියන් පිරිසක් එහි සිර කිරීමේ පුවතක් අද වාර්තා වුණා.
එම දෙමාපියන් පවසන්නේ පරිපාලන ගොඩනැගිල්ලට ඇතුළු වූ තමන් බලධාරින් විසින් ඉබි යතුරු දමා විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් පිටව ගිය බවයි.
මඩකලපුව – ඔලූවිල්හි පිහිටි අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ සිසුන් පිරිසකගේ පන්ති තහනම් කිරීම, ශිෂ්‍යභාවය අහෝසි කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබදව සාකච්ඡා කිරීමට දෙමාපියන් පිරිසක් ඊයේ පස්වරුවේ එහි උපකුලපතිවරයා මුණ ගැසුණා.
කෙසේ වෙතත්, සාකච්ඡාවේ එකගතාවන් සිංහල භාෂාවෙන් ඉදිරිපත් කිරීමට උපකුලපතිවරයා අකමැත්ත පළ කළ බවයි සිසුවෙකුගේ පියෙකු කියා සිටියේ.
කෙසේ වෙතත්, සාකච්ඡාවට පැමිණි දෙමාපියන් ස්ථිර තීරණයක් ලබාගන්නාතුරු විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් පිටව නොයන බව පවසා පරිපාලන ගොඩනැගිල්ලේ රැඳී සිටිනවා.
දෙමාපියන් මෙලෙස පරිපාලන ගොඩනැගිල්ලේ රැදී සිටින අතරතුර විශ්වවිද්‍යාල සේවකයෙකු පැමිණ ගොඩනැගිල්ලේ ඉබි යතුරුදමා ගොස් ඇති බවයි වාර්තා වුණේ.
මේ අතර, මෙම දෙමාපියන් සමග පොලිස් නිලධාරියෙකු ද පැමිණ ගොඩනැගිල්ලෙන් ඉවත් වීම පිළිබදව සාකච්ඡා කර තිබෙනවා.
අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨයේ මතුව ඇති මෙම ගැටලූකාරි තත්ත්වය පිළිබදව කොළඹ ලිප්ටන් වටරවුමේ අට්ටාලයක අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටින එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව අද අදහස් පළ කළා.