ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වෙනුවට නිසි බලධරයා ලෙස මහාචාර්ය උමා කුමාරස්වාමි පත් කර තිිබෙනවා.
විශ්වවිද්‍යාල පනත යටතේ උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ වෙත පැවරි ඇති බලතලවලට අනුව මෙය සිදු කර ඇති අතර ඊයේ (20) සිට මෙම පත් කිරිම බලපැවත්වෙන බවයි උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.
අග්නිදිග විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතුවල පවතින ගැටලූ සහ විශ්ව විද්‍යාලයේ බලධාරින් එහි කටයුතු යථා තත්ත්වයට ගෙන ඒමට අපොහොසත් වීම හේතුවෙන් මෙම පත් කිරිම සිදු කර තිබෙනවා.