Gossips

අගරු චෙක් පතක් ලබාදුන් සැකකරුවෙකු පොලිසිය සොයයි (ඡායාරූප)

සමාගමකට අගරු චෙක් පතක් ලබාදී රුපියල් 9,421,593 ක් වංචා කළ පුද්ගලයෙකු ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශන ආරම්භ කර තිබෙනවා.
සැකකරු සුප්පයියා ත්‍යාගරත්නම් නමැති කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක්.
මේ වනවිට සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි පොලිසිය කියා සිටියේ.
සැකකරු ගැන යම් තොරතුරක් දන්නේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දුරකතන අංක 011 – 2395248 අමතන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.