Gossips

අගමැති හෙට නෝර්වේ රාජ්‍යයට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සඳහා හෙට, නෝර්වේ රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතයි.
එරට අගමැතිනි අර්නා සෝල්බර්ග් සහ විදේශ ඇමතිනිය වන ඊනේ එරික්සන් ඇතුලූ ඉහළ පෙළේ නායක නායිකාවන් සමඟ මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍යවරයා ද්විපාර්ශවික සාකච්ඡා කරනු ඇති.
මෙම සංචාරයෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලන්ඩන් නුවර බලා පිටත්ව යාමටද නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.