Gossips

අගමැති හෙට උතුරේ සංචාරයක

උතුරු පළාතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෙට එහි සංචාරයක නිරත වනවා.
පළාතේ නැවත පදිංචිකිරීම්, නිවාස ඉදිකිරීම්, රැකියා සහ යටිතල පහසුකම් සැපයීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනයට ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා එක්වනු ඇති.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී සහ කිලිනොච්චියේදී ප්‍රගති සමාලෝචන රැස්වීම් දෙකක් ද පැවැත්වීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.