Gossips

අගමැති හමුවූ ජවිපෙ දෙවන පියවරකටත් සූදානම්

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡාවක් අද පැවැත්වුණා.
ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේදීයි.
මෙම සාකච්ඡාව සදහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි නායක අනුර කුමාර දිසානායක සහ විජිත හේරත් මෙන්ම නලින්ද ජයතිස්ස යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව සිටියා.
සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ මෙම සාකච්ඡාවල සාර්ථක අසාර්ථකභාවය මත පදනම්ව 20 වන සංශෝධනය සම්මත කර ගැනීම සදහා වන දෙවන පියවරට එළඹෙන බවයි.