Gossips

අගමැති සිංගප්පූරුව බලා පිටත් වෙයි

කොළඹ කොටස් වෙළඳපොල විසින් සංවිධාන කරන ඉන්වෙස්ට් ශ්‍රී ලංකා සමුළුව සඳහා සහභාගිවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පස්වරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගියා.
ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා සමඟ නියෝජිතයන් 6 දෙනෙකු මෙම සමුළුවට පිටත්ව ගිය බවයි.
මෙම සමුළුවට කලාපයේ මුල් පෙළේ ආයෝජකයින් රැසක් සහභාගිවීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.
මේ වසරේදී ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් තැබීමත් සමඟ දෙරටේ ආර්ථික හා වෙළඳ සබඳතා ඉහළ තලයකට නැංවුණු අතර, එම ගිවිසුම ඔස්සේ ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රතිලාභ ඉහළ නැංවීමට මෙම සමුළුව ඉවහල් වනු ඇති.