කොළඹ කොටස් වෙළඳපොල විසින් සංවිධාන කරන ඉන්වෙස්ට් ශ්‍රී ලංකා සමුළුව සඳහා සහභාගිවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (01) පස්වරුවේ සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතයි.
හෙට (02) දිනයේ සිංගප්පූරුවේ පැවැත්වෙන මෙම සමුළුවට කලාපයේ මුල් පෙළේ ආයෝජකයින් රැසක් සහභාගිවීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.
මේ වසරේදී ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් තැබීමත් සමඟ දෙරටේ ආර්ථික හා වෙළඳ සබඳතා ඉහළ තලයකට නැංවුණු අතර, එම ගිවිසුම ඔස්සේ ශ්‍රී ලංකාවට ලැබෙන ප්රතිලාභ ඉහළ නැංවීමට මෙම සමුළුව ඉවහල් වනු ඇති බවයි එහි දැක්වෙන්නේ.
මෙම සමුළුව සඳහා අග්‍රාමාත්‍යවරයා සමඟ මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ද එක්ව සිටිනවා.