Gossips

අගමැති සහ කථානායක පස්වරුවේ ජනපති හමුවෙයි

පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ කථානායක කරු ජයසූරිය අද පස්වරුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට නියමිතයි.
මෙම හමුව ජනාධිපති නිළ නිවසේදී පැවැත්වෙන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. එමෙන්ම හෙට පෙරවරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී කැදවා තිබෙනවා.
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල සඳහන් කළේ හෙට පෙරවරු 10.30ට සාමාන්‍ය පරිදි පාර්ලිමේන්තුව රැස්වන බවයි.
මේ අතර, පළාත් පාලන ආයතන පිහිටුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.
ඒ, අද පෙරවරුවේ පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීයි.
එමෙන්ම අද පස්වරු 7.30ට එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යළි හමුවනවා. ඒ, වත්මන් දේශපාලන තත්ත්වය පිළිබදව සාකච්ඡාව කිරීම සඳහායි.