එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වෙනවා.
දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක අමාත්‍ය පලනි දිගම්බරම් කියා සිටියේ මැතිවරණයෙන් පසු ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි.
මෙවර පළාත්පාලන මැතිවරණයේදී දෙමළ ප්රගතිශීලී සන්ධානය එක්සත් ජාතික පක්ෂය යටතේ නුවරඑළිය ඇතුලූ දිස්ත්‍රික්ක කිහිපයකට තරග කළ නමුත්, නුවරඑළිය දිස්ත්‍රික්කය ජයගනු ලැබුවේ ලංකා කම්කරු කොංග්රසයයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක අමාත්‍ය පලනි දිගම්බරම් කියා සිටියේ ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශ ද තම පරාජයට හේතුවූ බවයි.