Gossips

අගමැති වෙනස් කළ නොහැකි බව ඇමති එස්.බී. කියයි

අගමැතිවරයා ධුරයේ රැඳී සිටියදී වෙනත් අග්‍රාමාත්‍යවරයෙකු පත් කළ නොහැකි බව අමාත්‍ය එස්.බී.දිසානායක ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ වත්මන් අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුව අඛන්ඩව ඉදිරියටත් කටයුතු කරන බවයි.
මෙම මාධ්‍ය හමුවට වැවිලි කර්මාන්ත අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ද එක්ව සිටි අතර එහිදී ඔහු කියා සිටියේ කෙටි කාලයක් තුළ ජනතාවට සහන රැසක් ලබාදීමට වත්මන් රජයට හැකිවූ බවයි.