Gossips

අගමැති විවෘත කරන්නේ තම පාලන කාලයේ සැකසූ මාර්ග – විපක්ෂ නායක

ප්‍රතිසංස්කරණය කර අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරුණු මාවනැල්ල නගරයේ මාර්ග තමන්ගේ පාලන කාලය තුළ සාදා නිම කරන ලද ඒවා බවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අරණායක – රහල – බටහිර ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයේ අද (17) පැවති ආගමික උත්සවයකට එක්වෙමින්.
මේ අතර මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නම් කරන ලෙසට වයඹ පළාත් අධිකරණ සංඝනායක, පූජ්‍ය රැකව ජිනරතන හිමියන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කරනවා.
වයඹ පළාත් හිටපු අමාත්‍යවරයෙකු වන ඩී.බී. හේරත්ගේ නිවසෙහි පැවති දානමය පිංකමකට එක්වෙමිනුයි උන්වහන්සේ මෙම ඉල්ලීම කරනු ලැබුවේ.
මෙම දානමය පුණ්‍යකර්මයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද එක්ව සිටියා.

rn