වියට්නාමයේ හැනෝයි නුවර දී ලබන 27 සහ 28 දෙදින තුළ පැවැත්වෙන ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සඳහා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ අද වියට්නාමය බලා පිටත්ව ගියා.
සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව් 169 ගුවන් යානයෙන් අද අලූයම 1.10ට අගමැතිවරයා ඇතුළු 8 දෙනෙකුගෙන් යුත් දූත පිරිස වියට්නාමය බලා පිටත්ව ගිය බවයි ගුවන්තොටුපළ හිරු වාර්තාකරු කියා සිටියේ.
සමුළුවේ සමාරම්භක සැසියේදී අග්රාමාත්යවරයා අදහස් දැක්වීමට නියමිත බවයි අග්රාමාත්ය කාර්යාලය සඳහන් කළේ.
මෙහිදී ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව සහ වෙළද සහ වාණිජ කටයුතු සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙනවා.
සිංගප්පූරුව, බංග්ලාදේශය සහ ශ්රී ලංකාව එක්ව ආරම්භ කරන ලද මෙම සමුළුව සඳහා කලාපයේ රාජ්ය නායකයින් එක්වීමට නියමිතයි.
