Gossips

අගමැති – රාහුල් ගාන්ධි හමුවෙයි

ඉන්දියාවේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද ඉන්දීය ජාතික කොංග්‍රසයේ සභාපති රාහුල් ගාන්ධි හමුවී සාකච්ඡා කළා.
එහිදී ඉන්දීය සාගරයේ නිදහස් නාවික ගමනාගමනය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති වැඩපිළිවෙල සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා රාහුල් ගාන්ධි දැනුවත් කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.
කොංග්‍රසය නියෝජනය කරමින් ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං, සෝනියා ගාන්ධි සහ ආනන්ද ශර්මා ද එම සාකච්ඡාවට එක්වූ බවයි වාර්තා වන්නේ.
එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් රාහුල් ගාන්ධිගෙන් ඉල්ලා ඇත්තේ ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙසයි.
හෙට දිනයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ද්වි පාර්ශවික සාකච්ඡා සිදුකිරීමට නියමිතයි.