Gossips

අගමැති රනිල්ගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සමේ විරෝධතාවලට පිළිතුරු 26 වනදා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ මන්ත්‍රී ධුරය අභියෝගයකට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම පිළිබඳ මුලික විරෝධතාවලට පෙත්සම්කාර පාර්ශවයේ පිලිතුරු ඉදිරිපත් කිිරිම ලබන 26 වෙනිදාට කල් දමා තිබෙනවා.
පැමිණිල්ලේ පළමු වග උත්තරකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් විසින් අද දිනයේදී අදාල පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා මුලික විරෝධතාවක් ඉදිරිපත් කල බවයි හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් කොළඹ නාගරික මන්ත්‍රී ෂර්මිලා ගෝනවල මෙම පෙත්සම ගොනුකර ඇත්තේ පෞද්ගලික ආයතනවල කොටස් හිමිකාරිත්වය දරා ලාභ ලැබීම සහ ඊට අදාළ වත්කම් බැරකම් හෙළි නොකිරීම යන චෝදනා යටතේයි.