Gossips

අගමැති රනිල්ගේ මන්ත්‍රී අසුන අභියෝගයට ලක් කළ පෙත්සම සලකා බැලීම 12 වන දා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් කොළඹ නාගරික මන්ත්‍රී ෂර්මිලා ගෝනවල ගොනු කර තිබූ පෙත්සම යළි සලකා බැලිම ලබන 12 වනදා දක්වා කල් තැබුණා.
ඒ එම පෙත්සම අනිල් ගුණරත්න හා ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනසුරුවරුන් හමුවේ අද කැඳවු අවස්ථාවේදියී.
මෙම පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු දීපාලි විජේසුන්දර ඊයේ ඉවත්වී තිබුණා.
ඒ, පෞද්ගලික හේතුවක් මත බව සඳහන් කරමින්.
පෞද්ගලික ආයතනවල කොටස් හිමිකාරිත්වය දරා ලාභ ලැබීම සහ ඊට අදාළ වත්කම් බැරකම් හෙළි නොකිරීම යන චෝදනා යටතේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිවයි මෙම පෙත්සම ගොනු කර ඇත්තේ.
ඒ හරහා ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බැවින්, අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට එරෙහිව ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාවක් ලබා දෙන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.