Gossips

අගමැති යළි දිවයිනට

නෝර්වේ සහ එංගලන්ත සංචාරය නිමා කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (10) දිවයිනට පැමිණියා.
ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ පෙරවරු 8 යි 30 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 650 දරණ යානයෙන් අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණි බවයි.
පසුගිය 3 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු 14 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් නොර්වේ නිල සංචාරයක් සඳහා පිටත්ව ගිය අතර පසුව අග්‍රාමාත්‍යවරයා එංගලන්තයට ද පැමිණියා.