Gossips

අගමැති යළි ජනපති නිළ නිවසට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සාකච්ඡාවක් සඳහා මේ වන විට ජනාධිපති නිළ නිවස වෙත පැමිණ තිබෙනවා.
එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ අද (03) උදෑසන 9.10ට පමණ අග්‍රාමාත්‍යවරයා ජනාධිපති නිළ නිවස වෙත පැමිණි බවයි.
අග්‍රාමාත්‍යවරයා සමඟ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, එක්සත් ජාතික පෙරමුණ සහ ජනාධිපතිවරයා අතර ද හමුවක් ඊයේ (02) රාත්‍රියේ සිදුවූ අතර, ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද එක්වුණා.