Gossips

අගමැති මහින්ද ඇතුළු ඒකාබද්ධයේ සහ 16යේ කණ්ඩායමේ රැසක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගනී

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තා.
ඒ, කොළඹ – විජේරාම මාවතේ පිහිටි නිළ නිවසේදී අග්‍රාමාත්‍යවරයා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේ එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ අතින්.
ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් රැසක් ද අද පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත් අතර, මෙම පිරිසට 16යේ කණ්ඩායම නියෝජනය කළ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද ඇතුළත්.
සී.බී. රත්නායක, මහින්ද යාපා අබේවර්ධන, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලූත්ගමගේ, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රියංකර ජයරත්න, ප්‍රසන්න රණතුංග, දුලිප් විජේසේකර, ජානක වක්කුඹුර සහ ෂෙහාන් සේමසිංහ යන ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙලෙස පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තා. එමෙන්ම, තේනුක විදානගමගේ, අරුන්දික ප්‍රනාන්දු, කංචන විජේසේකර, නිමල් ලන්සා, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර සහ ඞී.වී. චානක ද එ අතර වනවා.
එමෙන්ම, 16යේ කණ්ඩායම නියෝජනය කරන ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අනුර ප්‍රියදර්ශන, සුමේධා ජී. ජයසේන, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, චන්දිම වීරක්කොඩි, සුසන්ත පුංචිනිළමේ සහ තාරානාත් බස්නායක ද අද පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තා.