සියළු පාර්ශවයෙන්ගේ දායකත්වයෙන් ගැටළු නිරාකරණය කරගෙන රට සංවර්ධනය කරා ගෙන යන ලෙස අමරපුර මහා නිකායේ මහා සංඝ රත්නය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට අනුශාසනා කළා.
ඒ, අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ ගල්කිස්ස – ශ්‍රී ධර්මපාලාරාමයට පැමිණි අවස්ථාවේදීයි.
එහිදී අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් බැහැ දුටු අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේගෙන් ආශීර්වාද ලබාගත්තා.
