Gossips

අගමැති මඩු වාර්ෂික මංගල්‍යයට එක්වෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පස්වරුවේ මඩු දේවස්ථානයේ පැවති වාර්ෂික මංගල්‍යයට එක්වුණා.
එම අවස්ථාවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද එක්ව සිටියා.
එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ දයාව සහ අනුකම්පාව නිවැරදි ලෙස අර්ථකථනය කරගත යුතු බවයි.
මේ අතර ලෝකයේ දියුණු රටවල ප්‍රජාතන්ත්‍රවාදය මෙරට ජනතාවට ලබා දීමට යහපාලන රජය කටයුතු කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල පවසනවා.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.