නෝර්වේ රාජ්‍යයේ නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (03) අලුයම කටුනායක ගුවන් ජාත්‍යන්තර තොටුපොළෙන් පිටත්ව ගියා.
අග්‍රාමාත්‍යවරයා සමඟ 14 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් මෙම නිල සංචාරය සඳහා එක්ව සිටින බවයි ගුවන් තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම පිරිස එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ – 349 දරන ගුවන් යානයෙන් අද අලුයම 3.15ට පිටව ගොස් තිබෙනවා.
