Gossips

අගමැති නෝර්වේදී රොබෝ තාක්ෂණය ගැන සොයා බලයි

නෝර්වේ රාජ්‍යයේ තුන්දින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඔස්ලෝ නුවර එක්ස් එක්ස් එල් ගබඩා සංකිර්ණයේ රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක ගබඩා කටයුතු නිරීක්ෂණය කර තිබෙනවා.
මෙම ගබඩාවේ ඇගලූම් සහ වෙනත් නිෂ්පාදන මෙන්ම මත්ස්‍යයින් එළවළු සහ පළතුරු ද රොබෝ තාක්ෂණයෙන් ගබඩා කිරීම මෙන්ම, ඇසුරුම් කිරීමට ද සිදුවන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ.
ධීවර ක්ෂේත්‍රයේ සංවර්ධනය සදහා මෙවැනි ගබඩාවක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීම සම්බන්ධයෙන් දැනටමත් අදාළ සමාගම සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.