Gossips

අගමැති නෝර්වේජියානු භූ තාක්ෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නායයෑම් සහ ආපදා අවස්ථා පිළිබඳ දැනුම්වත් කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට නෝර්වේජියානු භූ තාක්ෂණික ආයතනය සහයෝගය පළ කර තිබෙනවා.
ඒ, එරට සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහි සංචාරයකට එක්වූ අවස්ථාවේදියි.
මෙහිදී පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය පිළිබඳවද තාක්ෂණික දැනුම ලබාගැනීමටද නියමිතයි.
නෝර්වේජියානු භූ තාක්ෂනික ආයතනය සැළකෙන්නේ ලෝකයේ ඉදිකිරීම් පිළිබද ප්‍රමුඛපෙළේ ආයතනයක් ලෙසයි.
පුනර්ජනනීය විදුලිබල උත්පාදනය සඳහා සුළං බල යන්ත්‍ර ස්ථාපනය, සයුර මධ්‍යයේ මහා පරිමාණ මත්ස්‍ය වගාවන් ස්ථාපිත කිරීම, පාවෙන පාලම් නිර්මාණය කිරීමේ කටයුතුද නෝර්වේජියානු භූ තාක්ෂනික ආයතනය මගින් සිදුකරනු ලබනවා.