Gossips

අගමැති ධුරයේ වෙනස ගැන නීතිපති මතය කථානායකට

අග්‍රාමාත්‍ය ධුරයේ සහ රජයේ ඇතිවූ වෙනසෙහි නීත්‍යානුකූල භාවය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ භූමිකාව අනුව මතයක් ප්‍රකාශ කිරීම යෝග්‍ය නොවන බව නීතිපති ජයන්ත ජයසුරිය ලිපියක් යොමු කරමින් කථානායකවරයා වෙත අද දැනුම්දුන්නා.
ඒ, නව අග්‍රාමාත්‍ය ධුරය සහ රජයේ ඇතිවූ වෙනසේ නීත්‍යානුකූල භාවය සම්බන්ධයෙන් තම මතය දැනුම්දෙන ලෙස කථානායක කරූ ජයසූරිය නීතිපතිවරයා වෙත යොමුකළ ලිපියකට පිළිතුරු ලබාදෙමින්.
මේ අතර ඇතැම් පාර්ශව පවසන පරිදි ආණ්ඩුව වෙනස් කිරීමේදී අසාධාරණයක් සිදුව ඇත්නම් ජනතාව නැගී නොසිටින්නේ ඇයිදැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ප්‍රශ්න කරනවා.
උන්වහන්සේ මෙම අදහස් පළ කළේ යුතුකම සංවාද කවය කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.