Gossips

අගමැති දෙවිනුවරට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ දෙවිනුවර රජමහා විහාරස්ථානය සහ උපුල්වන් දේවාලය වැද පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.
එහිදී අග්‍රාමාත්‍යවරයා දෙවිනුවර රජමහා විහාරස්ථානයේ විහාරාධිපති කල්‍යාණවංශ මහා නිකායේ අනුනායක දෙවිනුවර සිරි සුනන්ද නාහිමියන් ද බැහැ දුටුවා.
අනතුරුව දෙවුන්දර රජමහා විහාරස්ථානයේ බුදු මැදුරේ නිරීක්ෂණ චාරිකාවකට ද අග්‍රාමාත්‍යවරයා එක්වී තිබෙනවා.
ඉන් පිටතට පැමිණි අග්‍රාමාත්‍යවරයා වෙත ප්‍රදේශවාසියෙකු විසින් ලිපියක් යොමු කිරීමට උත්සාහ කර ඇති අතර, පසුව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ද එම ස්ථානයට පැමිණීමත් සමඟ ඇති වී තිබෙන්නේ උණුසුම් තත්ත්වයක්.