අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ආසියානු කළාපීය ආර්ථික සමුළුවට සහභාගි වීම සදහා තුන් දින නිල සංචාරයක් ආරම්භ කරමින් අද (10) උදෑසන වියට්නාමය බලා පිටත්ව යනු ලැබුවා.
ඔහු සමග මෙම සංචාරය සදහා තවත් 12 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් එක්ව තිබෙනවා.
මෙම පිරිස අද (10) දින උදෑසන 8.00 ට තායිලන්තයේ බැංකොක් බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 404 දරන ගුවන් යානයෙන් වියට්නාම සංචාරය සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යනු ලැබුවා.
