Gossips

අගමැති ටෲඩෝ චීනයේ කැනඩා තානාපති ඉවත් කරයි

චීනයේ කැනඩා තානාපතිවරයා වන ප්‍රවීන රාජ්‍ය තාන්ත්‍රික ජෝන් මැකලම්, අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ විසින් තනතුරෙන් ඉවත් කර තිබෙනවා.
ඔහුට ඉල්ලා අස්වන්නැයි ඉල්ලීමක් කළ බවත්, එය තමා පිළිගත් බවත් අගමැති ටෲඩෝ පසුව ප්‍රකාශ කළා.
චීන – හුවාවේ දුරකථන සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනි මෙන් වෙන්ෂූ කැනඩාවේදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් චීනයේ කැනඩා තානාපතිවරයා සිදුකළ ප්‍රකාශයක් ඔහු තනතුරෙන් ඉවත් කිරීමට හේතුවී ඇති බව සඳහන්.
ජෝ මැකලම් කියා සිටියේ ඇමරිකාවේ වුවමනාව මත හුවාවේ ප්‍රධාන මුල්‍ය නිලධාරිනිය කැනඩාව විසින් අත්අඩංගුවට ගැනීම දෝෂ සහිත පියවරක් බවයි.
එමෙන්ම ඇය ඇමරිකාවට පිටුවහල් නොකරන්නේ නම් එය කැනඩාවට රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණයක් වනු ඇති බව ඔහු සඳහන් කළා.
ඇමරිකාව හුවාවේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනි මෙන් වෙන්ෂූ ඉල්ලා සිටින්නේ ඇය ඇමරිකාව, ඉරානයට පැනවූ සම්බාධක උල්ලංඝනය කළ බවට චෝදනා කරමින්.