Gossips

අගමැති ජයශ්‍රීමහාබෝධීන් වහන්සේ වැද පුදා ගනී

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (04) අනුරාධපුර ජයශ්‍රීමහාබෝධීන් වහන්සේ වැද පුදා ගනු ලැබුවා.
එහිදී ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස ඉන් අනතුරුව පැමිණියේ අනුරාධපුර – රුවන්වැලිසෑ පුද බිමටයි.
රුවන්වැලිසෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්, අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද කරනු ලැබුවා.
එමෙන්ම, අග්‍රාමාත්‍යවරයා ඊයේ (03) බම්බලපිටිය – කදිරේෂන් කෝවිලට ගොස් හින්දු ආගමික වතාවත්වල නිරත වුණා.