Gossips

අගමැති කැළණියට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද පස්වරුවේ කොළඹ – හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක කැළණිය විශ්වවිද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් බැහැදුටුවා.
ඒ විද්‍යාලංකාර පිරිවෙනේදීයි.
අනතුරුව අග්‍රාමාත්‍යවරයා කැළණිය රජමහා විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරත වූ බවයි හිරු වාර්තාකරුවන් සදහන් කළේ.
එසේම, බම්බලපිටිය කදිරේෂන් කෝවිලට පැමිණි අග්‍රාමාත්‍යවරයා එහිදී ද ආගමික වතාවත්වල නිරත වී ආශිර්වාද ලබා ගත් බව සදහන්.