Politics Sri Lanka

අගමැති, කතානායක ජනපති නිවසේ සාකච්ඡාවක

අගමැති, කතානායක ජනපති නිවසේ සාකච්ඡාවක

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ කථානායක කරූ ජයසූරිය මහතා ජනාධිපති නිල නිවසේ මේ වනවිට විශේෂ සාකච්ඡාවක නිරතව සිටින බව වාර්තා වේ.

කථානායක කරූ ජයසූරිය මහතා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමට තීරණය කර තිබුණි.

ඒ අනුව ඔවුන් මේ වනවිට ජනාධිපති නිල නිවස වෙත ගොස් ඇත.

රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

විශේෂයෙන් වර්තමානයේ රටතුළ ඇති වී ඇති අස්ථාවාර තත්ත්වය පිළිබඳව සහ එමඟින් රටට ඇති වන අහිතකර බලපෑම් පිළිබඳව ජනාධිපතිවරයා සහ අග්‍රමාත්‍යවරයා දැනුවත් කිරීම කථානායකවරයාගේ මෙම සාකච්ඡාවල අරමුණ බව කථානායක කාර්යාලය සඳහන් කරයි.