වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ආසියාන් සමුළුවට සහභාගි වී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විදොදෝ අතර හමුවක් අද සිදුවී තිබෙනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ එහිදී දෙරට අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වූ බවයි.
මීට අමතරව දෙරටේ නාවික සහ ආරක්ෂක වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද ඔවුන් සාකච්ඡා කර තිබෙනවා.
