Gossips

අගමැති ඉන්දියාව බලා පිටත්ව යයි

තුන්දින නිල සංචාරයක් සදහා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියා.
ඒ අනුව අග්‍රාමාත්‍යවරයා අනිද්දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට නියමිතව තිබෙනවා.
එසේම, ඉන්දීය විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ්, ස්වදේශ ඇමති රාජ්නාත් සිං ඇතුලූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් කිහිප දෙනෙකු සමග ද අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සදහන්.