Gossips

අගමැති ඇතුලූ කැබිනට් මණ්ඩලය අත්හිටුවමින් ලබාදුන් අතුරු තහනමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

අග්‍රාමාත්‍යවරයා ඇතුලූ කැබිනට් මණ්ඩලය අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අද අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියා සිටියේ හිටපු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්ගේ අත්සන්වලින් යුතුව එම අභියාචනය භාරදුන් බවයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අමාත්‍ය මණ්ඩලයට එම ධුර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු මන්ත්‍රීවරු 122 දෙනෙකු ගොනු කළ පෙත්සම සලකා බැලූ අවස්ථාවේදියි.