Gossips

අගමැති, අගරදගුරු හිමිපාණන් බැහැ දකී

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අද උදෑසන අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.
බොරැල්ලේ පිහිටි අගරදගුරු නිල නිවසේදී මෙම හමුව සිදුවූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සදහන් කළේ.
මෙම අවස්ථාවට පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, අරුන්දික ප්‍රනාන්දු සහ සනත් නිශාන්ත ද එක්ව සිටියා.