Gossips

අගමැතිට දුන් නීතිය හා සාමය තාවකාලිකයි – ඇමති දුමින්ද

අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් නීතිය හා සාමය අමාත්‍ය ධුරය අග්‍රාමාත්‍යවරයාට පැවරුවේ තාවකාලිකව බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
පක්ෂ මූලස්ථානයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මහලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායක මේ බව කියා සිටියා.
ඊයේ සිදුවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ දෙවන පිපිරුම ආරම්භ වී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය විකට රංගනයක් බවයි.
මේ අතර, මාතර අද පැවැති උත්සවයකින් අනතුරුව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයේ තවත් සංශෝධන කිහිපයක් සිදුවිය හැකි බවයි.
ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ද අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය හොරා කෑ බළෙලෙකුට උම්බලකඩ පොල්ලකින් පහරදීමේ සිද්ධියකට සමාන බවයි.