Gossips

අගමැතිට කුරුණෑගලදී විරෝධයක්

කුරුණෑගල අභිනවයෙන් ඉදිකළ විශ්වෝදා ජාතික පාසල සිසු අයිතියට පවරා දීමේ උත්සවයට අග්‍රාමාත්‍යවරයා පැමිණීමේදී ප්‍රදේශවාසීන්ගෙන් ඔහුට විරෝධය එල්ල වුණා.
ඒ, ගම්වාසීන්ගේ සිසුන් පාසලට ඇතුළත් කර නොගන්නා බවට චෝදනා කරමින්.
කුරුණෑගල, මගුරුඔය වත්තේ අභිනවයෙන් ඉදිකරන ලද විශ්වෝදා ජාතික පාසල නිල වශයෙන් විවෘත කිරීම අද පස්වරුවේ පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙරට ජන ගණත්වය වැඩි දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් පහසුකම් සපිරි ජාතික පාසල් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු මෙම විද්‍යාලය අංගසම්පූර්ණ සහ අතිනවීන පහසුකම්වලින් සමන්විත පන්ති කාමර, සෞන්දර්ය ඒකක, භාෂාගාර, විද්‍යාගාර, පරිගණකාගාර, ගෘහස්ථ ක්‍රීඩාගාර, පිහිණුම් තටාක ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විතයි.
මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 1,000 ක්.
කෙසේ වෙතත්‍‍ කුරුණෑගල විශ්වෝදා ජාතික පාසල අද සිසු අයිතියට පවරා දීමේ උත්සවයට සහභාගීවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැමිණෙන අවස්ථාවේදී ගම්වාසීන් ඊට විරෝධය පළ කළේ මෙලෙසින්.