Gossips

අගමැතිට එරෙහි විශ්වාසභංගයට පාර්ශව තුනක සහය

ප්‍රධාන දේශපාලන පක්ෂ 3 ක් ඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංගයට සහය පළ කිරීම සඳහා එකඟතාව පළ කර ඇති බව පිවිතුරු හෙළ උරුමය ප්‍රකාශ කළා.
එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව කියා සිටියේ කොළඹ අද (05) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
‘‘අගමැතිතුමන්ට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව චෝදනා 14 කින් සමන්විත වෙලා දැන් සම්පූර්ණයෙන්ම සකසා අවසන් වී අවසන්. ඒ පිළිබඳ විශ්වාසභංගයට සහය දෙන ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකසත් ජාතික පක්ෂය යන පාර්ශව තුනේම ප්‍රධානීන් ඊට එකඟතාවය පළ කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා ඒ අඩංගු කරුණු අනුව ජනතා විමුක්ති පෙරමුණත් දෙමළ ජාතික සන්ධානයත් රටේ පැත්තෙන් හිතලා අගමැතිතුමාට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවට සහයෝගය ලබාදේවි කියලා. ’’
‘‘අගමැතිතුමාට අවශ්‍ය නම් වෙනත් විශ්වාසභංග යෝජනාවලදී කලාවගේම මෙය පාර්ලිමේන්තුවේ යම් කාලයක් අරගෙන ඒ කාලය තුළ දී අත්සන් තබා ඇති මන්ත්‍රීවරුන්ට විවිධාකාරයෙන් බලපෑම් කිරීමේ අවධානයක් තියෙන නිසා අපි ඊයේ තීන්දු කළා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහය ලබාදෙන විශ්වාසභංගය භාර දෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් එක්සත් ජාතික පක්ෂයේත් මන්ත්‍රීවරුන් විවාදය අවසානයේදී ඡන්දය දීමේදී තමයි විශ්වාසභංගය යෝජනාවට එකතු කරගන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් තියෙන්නෙ විශ්වාසභංගය අත්සන් තබා භාරදීම පමණයි. හෙට පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත්සන් කරනවා. අපි උත්සාහ කරනවා ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානයේ අය සම්බන්ධ කර ගන්න. හැකිවුනත් නැතත් හෙට දිනය ඇතුළත මේ විශ්වාසභංගය භාරදීම තමයි අපේ බලාපොරොත්තුව. ’’