Gossips

අගමැතිට එරෙහි විශ්වාසභංගය අඟහරුවාදාට පෙර කථානායකවරයා අතට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන අඟහරුවාදාට (06) පෙර කථානායකවරයාට භාරදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.
බත්තරමුල්ල ප්‍රදේශයේදී අද (04) පැවති ඒකාබද්ධ විපක්ෂයේ ජන හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළා.
මෙම හමුවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද එක්ව සිටියා.