පසුගිය පළාත්පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමිවූ සභික ධුර සඳහා පත් කරන නියෝජිතයන් පිළිබඳ සාකච්ඡා කිරීමට ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් ඊයේ (27) පැවැත්වුණා.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මෙම සාකච්ඡාව සඳහා එම පක්ෂය නියෝජනය කරන ආසන සංවිධායකවරු ඇතුලු පිරිසක් එක්ව සිටියා.
මෙම සාකච්ඡාවට පැමිණි රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාරගෙන් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.
එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ විශ්වාසය කඩවීම පිළිබදව පියවර ගත යුතුව ඇති බවයි.
සාකච්ඡාවට සහභාගිවූ මැති ඇමතිවරුන්ගෙන් ද මෙහිදී රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ යෝජනාව පිළිබදව අදහස් පළ කළා.